Introduction
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරින්, අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරින්, කළමනාකරණ සේවා නිලධාරින් හා ආශ්රිත සේවාවල නිලධාරීන්ගේ සහ රියදුරු සේවයේ නිලධාරින්ගේ, සේවා ස්ථිරකිරීම්, උසස්කිරීම්, විශ්‍රාම ගැන්වීම්, ස්ථානමාරු හා විනය කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම. ප්‍රාථමික හා ශිල්පීය නොවන සේවා ගණවල පත්කිරීම්, ස්ථිරකිරීම්, උසස්කිරීම්,විශ්‍රාම ගැන්වීම් හා විනය කටයුතු සිදුකිරීම අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ සහනදායි මෝටර්රථ බලපත්‍ර, විදේශ නිවාඩු, දේශීය විදේශීය ශිෂ්‍යත්ව,හදිසි අනතුරු නිවාඩු හා වන්දි,භාෂා දීමනා, හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල කාර්යමණ්ඩල පුරප්ප්ඩු සම්පුර්ණ කිරීම යන කාර්යයන් සඳහා නිර්දේශ ලබාදිම.
Responsibilities
අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු කළමනාකරණය හා යාවත්කාලීනව පවත්වා ගෙන යාම.
අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ පත්කිරීම් , සේවය ස්ථිර කිරීම්, උසස් කිරීම් , විභාග කටයුතු , ස්ථාන මාරු කිරීම් , විශ්‍රාම ගැන්වීම් , සේවයෙන් මුදාහැරීම් හා ඉල්ලා අස්වීම් ඇතුළු ආයතනික පරිපාලන කටයුතු.
අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ පුහුණු කටයුතු , වාර්ෂික කාර්යය සාධන වාර්තා හා වාර්ෂික වැටුප් වර්ධක අනුමත කිරීමට අදාළ කටයුතු.
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වන වයඹ පළාත් ආයුර්වේද , සෞඛ්‍ය සේවා , පරිවාස හා ළමාරක්ෂක සේවා සහ සමාජ සේවා යන දෙපාර්තමේන්තුවල කාර්යය මණ්ඩලයන්හි පත්කිරීම් , ස්ථිර කිරීම් , උසස් කිරීම් , ස්ථාන මාරුවීම්, විශ්‍රාම ගැන්වීම් හා විනය පාලනය යනාදී බලතල පැවරීම යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ වන සියලුම ආයතනික පරිපාලන කටයුතු.
අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලවලට අදාළ බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම් හා අදාළ කටයුතු.
අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ විදේශ නිවාඩු , හදිසි අනතුරු නිවාඩු හා වන්දි , සහනදායි මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම් හා අදාළ කටයුතු.
අමාත්‍යාංශයේ වාහන අලුත්වැඩියා හා අදාළ කටයුතු.